05
Aug
ගාලු උරුමය පදනමෙන් ගාලු කොටුවේ ඇලිවීදි සංවර්ධනය කෙරේ
ගාලු කොටුවේ තෝරා ගත් ඇලිවීදි කිහිපයක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් පසුගියදා ගාලු උරුමය දනම මගින් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ වැඩ 2021.07.15 වන දින ආරම්භ කරනු ලැබීය. මෙම ගාලු කොටුවේ තෝරා ගත් ඇලිවීදි 03ක් කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරිම සිදු කරනු ලබයි. මෙය ගාලු උරුමය පදනමේ 2021 වසරේ ප්‍රාග්ධන ව්‍යාපෘතියක් ලෙසට යෝජනා කර තිබු ව්‍යාපෘතියක් වන අතර “ ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය” මගින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දේ.
ඇලි වීදි සංවර්ධනයෙන් පසු ගාලු කොටුවේ සංචාරක ආකර්ෂණය වැඩිවන අතර, මේ ආසන්නයේ ජිවත්වන නිවැසියන්ට වඩාත් සුන්දර පරිසරයක් හිමිවනු ඇත.