12
Nov
ගාලු කොටුව පිළිබඳ පොතේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a Walled City යනුවෙන් එලිදැක්වේ.
ලෝක උරුම ගාලු කොටුවේ වැදගත් ස්ථාන 34 ක් පිළිබඳ ඡායාරූප සහිත විස්තර අඩංගු පවුරක උරුමය නම්වූ ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවාදය Heritage of a Walled City යනුවෙන් දැන් පිටවී තිබේ.
ගාලු කොටුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සහ විවිධ හේතූන් මත ගාලු කොටුව පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගාලු උරුමය පදනම විසින් මෙම පොත පළ කර තිබේ.
මෙම පොත භාෂා ත්‍රිත්වයෙන්ම, ගාල්ල, බාලදක්ෂ මාවතේ පිහිටි ගාලු උරුමය කේන්ද්‍රයෙන් මිළ දී ගත හැක. පිටපතක මිළ රු. 400/- කි.
පුස්තකාල, පාසල් සහ ගාලු කොටුවේ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ වට්ටමක් සහිතව ලබා දෙනු ලැබේ.
විමසීම් : ගාලු උරුමය කේන්ද්‍රය – 091 2231982
071 4423688 (චන්දිමාලි)