ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ගාලු උරුමය පදනමට පැමිණිම සහ ගාලු කොටුවේ ක්ෂේත්‍ර චාරිකාව
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා 2021.01.02 වන දින පෙරවරුවේ ගාලු උරුමය පදනමට පැමිණි අතර, එහිදි රැස්ව සිටි පිරිස සමඟ කෙටි සාකච්ඡාවක් පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා
- ගරු රාජ්‍ය අමාත්‍ය – මොහාන් පී.ද. සිල්වා මහතා
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී – ඉසුරු දොඩංගොඩ මහතා
- ගරු නගරාධිපති – ප්‍රියන්ත සහබන්දු මහතා
- ගාලු උරුමය පදනම සහාපති- පරාක්‍රම දහනායක මහතා
- ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, කළමනාකරණ මණ්ඩල සාමාජික- නුවන් ජේ. වෙදසිංහ මහතා
- ප්‍රාදේශිය පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ – වසන්තා අලහකෝන් මිය
- උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ,ඉංජිනේරු- වී.එම්.කේ.ජි. සිරිවර්ධන මහතා
- ගාලු උරුමය පදනමේ අධ්යක්ෂ- සුනිල් දහනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි විය.
ලෝක උරුම ගාලු කොටුව ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය ඇමතිතුමා විසින් මෙහිදි ආදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගරු රාජ්‍ය ඇමතිතුමා ලෝක උරුම ගාලු කොටුවේ ක්ෂේත්‍ර චාරිකාවකටද එක් විය. එහිදි ගාලු කොටුවේ සඳු අට්ටාලය, තාරකා අට්ටාලය සහ කළු කොටුවත් කොටුව තුළ පිහිටි ජාතික කෞතුකාගාරය, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ බාලදක්ෂ මාවතේ පිහිටි ගාලු උරුමය පදනමේ ආගන්තුක සේවා මධ්‍යස්ථානයත් (තොරතුරු මධ්‍යස්ථානය) නැරඹිමටද එක් විය. මෙම ක්ෂේත්‍ර චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාද එක්විය.
ලෝක උරුම ගාලු කොටුව තුළ පිහිටි මෙම වැදගත් ස්ථාන හා ස්මාරක ආරක්ෂා කර ගැනීම සඳහා සියළු දෙනා එකමුතුව හා කැපවීමෙන් යුතුව වැඩ කරන ලෙසත්, එහිදි මතුවන ගැටලු සම්බන්ධව තමා දැනුවත් කරන ලෙසටත් ගරු ඇමතිතුමා විසින් සියලු දෙනාට උපදෙස් දෙන ලදි.