මෙම දේවස්ථානය ක්රිස්තියානි ආගමේ නිකායක් වූ ඇංග්ලිකන්වරුන්ගේ මගපෙන්වීම මත ඉදිවූවක් බැවින් ඇංග්ලිකන් දේවස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. මේ සුවිසල් දර්ශනිය දෙව්මැදුර වර්ෂ 1871 පෙබරවාරි මස 21 වන දින 19 වන සියවසේ ශ්රී ලංකාවේ සේවය කළ සුප්රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියා වශයෙන් සේවය කළ ජේම්ස් ජී. ස්මිදර් මහතා විසින් පිළියෙල කළ සැලසුමක් ඇසුරින් ඉදිකරන ලද්දකි. මේ භුමිය රැජිනගේ මල්වත්ත ලෙස පැවතුණු අතර එවකට පැවති රජය මගින් එය එංගලන්ත සභාවට ප්රදානය කර ඇත.