ලන්දේසි හා පෘතුගිසි සටන – Galle Heritage

ලන්දේසි හා පෘතුගිසි සටන

ක්‍රි.ව.1640 මාර්තු 13 වන විට පෘතුගිසින් විසින් පාලනය කළ ගාල්ල කොටුව සම්පූරණයෙන් යටත් කර ගැනීමට විලියම් ජාකෝබ් කෝස්ටර් සමත් වූ අතර ක්‍රි.ව.1640 ජූලි 04 වන තුරු ගාල්ලේ ලන්දේසි ආණුඩුකාරවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබී ය. ඉන් මාස කිහිපයකට පසු මහනුවර රජු බැහැ දැකීමට ගොස් ආපසු පැමිණෙන අතරමඟ දී ස්වාද්ශිකයන් විසින් මරණයට පත් කරන ලද බව සඳහන් වේ.

ගාල්ල බලකොටුවේ පෘතුගිසි අණදෙන නිළධාරියා වූයේ කපිතාන් ලොරෙන්සෝ පෙරේරා ද බ්‍රීටෝය. ගාල්ල යටත් කරගැනීමේ ආරංචිය ලැබීමත් සමඟ පෘතුගිසි ජෙනරාල් අන්තෝනියෝ මස්කරඤ්ඤස් කොළඹ සිට විශාල බට පිරිසක් ගාල්ලට එවනු ලැබී ය. කනුඩායම් 12කට බෙදනු ලැබූ මෙම බට පිරිස ලස්කිරිඤ්ඤා හමුදාව, මට්ටයින්, කාපිරියන්ගෙන් සමන්විත වූයේ ය. කොටුවේ බට පිරිසට පෘතුගිසි කසාදෝස් 800ක් පුහුනු සෙබළු කණ්ඩායම් 30ක්, ලස්කිරිඤ්ඤා භටයින් 30ක ගෙන් ද සමන්විත විය. කොතරම් දැඩි ප්‍රයන්තයක් යොදවා පාතුගිසින් විසින් ගාලු කොටුව රැකගැනීමට උත්සහ කළ ද විශාල සටනකින් පසු ලන්දේසින් විසින් ගාලු කොටුව අත්පත් කරගන්නා ලදී. සවිස්තරාත්මකව මෙම සිදුවීම පිළිබඳව සටහන් තබන පෘතුගිසි ජාතික ඉතිහාසඥයෙක් වන ක්වේරෝස් දෙපාර්ශවය අතර සටන සිදු වූ අයුරු හා සිදු වූ අලාභයන් තක්සේරු කරයි.

ගාල්ල කොටුව ලන්දේසීන් විසින් යටත් කර ගත්ත ද එහි පාලනය ඒකාකාරීව තබා ගැනීමට ඔවුහු අසමත් වූහ. කොස්ටර් ගේ මරණින් පසු ඔහු විසින් තාවකාලිකව පාලන බලය පැවරූ කපිතාන් වොල්රේවන් ද සෙනට් ආමන්ට් කණුඩායමක් සමඟ පෘතුගිසින්ට එකතු වූ නිසා ගාල්ලේ ආරක්ෂාව කැළඹිලි ස්වභාවයක් ගත්තේ ය. ගාල්ල බලකොටුව තුළ පෘතුගිසිහු රැකවල්ලා සිටිය ද ගාල්ල අවට ප්‍රදේශය අතහැර දැමීමට පෘතුගිසිහු අකමැති වූහ. ගොටුවෙන් පිටත නගරය සම්පූරණයෙන්ම විනාශ කළ ඔවුහු බලකොටුව තුලට භාණුඩ ගෙන යන සැපයුම් මාර්ග අවහාර කිරිම නිසා ලන්දේසීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු විය. කොටුව තුළ සිටි විශාල පිරිසක් ඩල උදර රෝග, බෙරි බෙරි රෝග හා වෙනත් රෝග වැළඳී මිය ගියහ. පෘතුගිසින් සතු වූ වෙරළ කලාපීය බලය බිඳ දැමීමට ලන්දේසීන්ට හැකි වූයේ ක්‍රි.ව.1658 යාපනය බලකොටුව අලලා ගැනිමෙන් පසුව ය. එතෙක් පෘතුගිසින් සතු වූ ප්‍රබල යුධ මධ්‍යස්ථානයක් වූ ගාල්ල රැක ගැනීම පහසු කටයුත්තක් නොවී ය. එම වකවානුවේ විවිධ අවස්ථාවල ලන්දේසීන්ගෙන් ගාල්ල බලකොටුව ලබා ගැනිමට පෘතුගිසින් විසින් ප්‍රහාරයන් දියත් කරනු ලැබූ අතර ගාලු කොටුව ආරක්ෂා කර ගැනීමට ඔවුනට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. ක්‍රි.ව.1640 සිට ගාල්ල කේන්ද්‍ර කරගනිමින් ක්‍රි.ව.1656 දක්වා ලන්දේසි ආණ්ඩුකාරවරු 04 දෙනෙකු යටතේ ලංකාවේ ලන්දේසි බලය ක්‍රියාත්මක වුණි. කොළම කොට්ව මුදා ගැනීමත් සමඟ ක්‍රි.ව.1656 සිට ප්‍රධාන පරිපාලන නගරය ලෙස කොළඹ කේන්ද්‍ර වූ අතර ගාල්ල බල ප්‍රදේශයේ මූලස්ථානය ලෙස ගාලු කොටුව තවදුරටත් පවත්වාගෙන ගියහ.

ක්‍රි.ව.1665 වනවිට අක්කර92 ක ප්‍රමාණයේ අර්ධදීවීපය පුරා බල කොටු නගරයක් ලෙස යම් තරමක් දුරට සංවර්ධනය කිරිමට ලන්දේසි ආණ්ඩුකාරවරු කටයුතු කරනු ලැබී ය.ඒ වන විට පෘතුගිසින් විසින් කලු කොටුව ප්‍රදේශයේ සිට ඊලූස් මුර අට්ටාලයේ කොටසක් දක්වා ප්‍රාකාර බැමි ඉදිකර තිබුණි.

එසේ වූවද ලන්දේසි අණදෙන නිළධාරී අදිරියන් ෆන් රූතාස් මූලිකත්වයෙන් පෘතුගිසි කොටු බැම්මේ ඇතැම් කොටස් සංවර්ධනය කරනු ලැබී ය. විශේෂයෙන්ම ගබඩා ගොඩනැගිල්ල ඉදිකළ භූමියේ සිට හිරු අට්ටාලය දක්වා කොටුබැම්ම වෙනස් කරමින් ඉදිකිරිමත්, ප්‍රධාන මුර අට්ටාලතුනට විවිධකොටස් එකතු කරමත් ඔහුගේ මූලිකතුවයෙන්සිදු විය. එලෙස වැඩ නිම වූ කොටස් ක්‍රි.ව.1667 දී එතුමාගේ බිරිඳ වන මරියා රූතාස් විසින් කාලතුවක්කු පත්තු කර විවෘත කර තිබේ.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...