ලන්දේසි පාලන සමය (ක්‍රි.ව.1640-1796) – Galle Heritage

ලන්දේසි පාලන සමය (ක්‍රි.ව.1640-1796)

ක්‍රි.ව.1604 දී 1 වන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1592-1604) මියගිය අතර ඔහුට පසුව විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරු සෙනරත් කුමරු මහනුයර රජු වශයෙන් ක්‍රි.ව. 1605 සිට ක්‍රි.ව.1635 දක්වා පාලනය කරනු ලැබී ය. සෙනරත් රජු සමඟ නෙදර්ලන්ත මන්ත්‍රණ සභාවේ සහ මොරිෂස් හි කුමාරයාගේ සබඳතාව වර්ධනය කිරිම පිණිස එවකට එම වෙළඳ සමාගමේ කනිෂ්ඨ වෙළඳකරු ලෙස සේවය කළ මාසලස් ඩි බොෂ්කෝවර් ක්‍රි.ව. 1612 මාර්තු 08 වන දින ලංකාවට එවනු ලැබී ය. බොෂ්කාවර් විසින් ලංකා රාජධානිය සහ නෙදර්ලන්ත සමඟ සබඳතා ගොඩනැගීම පිණිස විශාල මෙහෙයක් සිදු කරනු ලැබීය. ක්‍රි.ව.1620 මැයි මස ඩෙන්මාර්කයේ සිට පැමිණි නියෝජිතයින් පිරිසක් ද ලංකාවට පැමිණ පෘතුගිසින් පලවා හැරීමට සහය ලබා දීමට කැමැත්ත පල කළ ද සිංහල රජු ඊට අකමැති වූයේ ය. ඇතැම් මූලාශ්‍රවල සඳහන් වනුයේ ඩෙන්මාර්කය හා ලංකාව අතර සබඳතාවය නිර්මාණය වීමට මුල් වූයේ බොෂ්කාවර් බවයි. රජු වෙනුවෙන් ඩෙන්මාර්කයට ගොස් බොෂ්කෝවර් ගිවිසුම් අත්සන් කර තිබේ. වරක් ඕවේ ජියඩ් නම් ඩේන් ජාතිකයා ද තවත් වරක රෝලන්ඩ් කේප්‍ර නම් ඩේන් ජාතිකයා ද ලංකාවට පැමිණියේ ය. මේ කාලයේ දී පෘතුගිසින් විසින් ගිවිසුම් ගත කරුණු කඩ කරමින් ක්‍රි.ව. 1630 දී මහනුවර රාජධානියට බලපෑමක් ඇති වන පරිදි කන්ද උඩරට දේශසීමා ආක්‍රමණය කරන ලැබී ය. මේ අතර සෙනරත් රජුගේ මරණයෙන් සහ 1 වන විමලධර්මසූරිය රජුට (ක්‍රි.ව.1592-1604) උපන් ඔහුගේ ජේ්‍ය්ෂ්ඨ පුත්‍රයැගේ මරණින් පසු සෙනරත් රජුගේ කනිටු පුත් දෙවන රාජසංහ (ක්‍රි.ව.1635-1687) නමින් මහනුවර රජ වූයේය.

ක්‍රි.ව.1635 වන විට රාජසිංහ කන්ද උඩරට රාජධානියේ බලයට පත් වුන ද පෘතුගිසින් විසින් වෙරළබඩ කළාපයේ බකකොටු ඉදිකිරිම නිසා රජු විසින් බාහිර ලෝකය සමඟ සිදුකරගෙන ගිය වෙළඳාම හා වෙනත් ගණුදෙණු සාර්ථක ලෙස පාලනය කිරිමට ඔවුනට හැකි විය. වෙරළබඩ කළාපය සම්පූරණයෙන්ම ඔවුන් විසින් අල්ලාගෙන නොසිටිය ද කොළඹ, ගාල්ල, මීගමුව, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය වන ප්‍රදේශවල විශාල බලකොටු ඉදිකර වෙරළබඩ කලාපය පාලනය කරනු ලැබීය. පෘතුගිසි බලපෑම මර්දනය කිරිමට ප්‍රබල නාවික බලයක් අවශ්‍ය වු නිසා රාජසිංහ රජු විසින් ක්‍රි.ව.1636 සැප්තැම්බර් 09 දින ලන්දේසි ආධාර ඉල්ලමින් පුලිකට් හි ආණ්ඩුකාර තැන්පත් කැරල් රිජිනියස් ට ලිපියක් යැවී ය.  මේ කාලය තුළ දෙවන රාජසිංහ රජු (ක්‍රි.ව.1635-1687) පෘතුලිසින් සමඟ ඇති කරගත් ප්‍රබල ගැටුම් කිහිපයක දී පෘතුගිසිහු අන්ත පරාජයකට පත් වූහ. එකී සටන් අතර ගන්නෝරුව සටන ස්වදේශිකයන්ගේ ගරිල්ලා උපක්‍රම උත්කෘෂ්ඨ ලෙස විද්‍යාමාන කළ සටනක් වූයේ ය.

වෙරළබඩ කලාපයේ පෘතුගිසින්ගේ පාලනබල බිඳ හෙලීම සඳහා ලන්දේසින්ගේ සහය ලබා දීමට ලන්දේසි ආණ්ඩුකාරතුමන් කැමැත්ත දක්වන ලද අතර ක්‍රි.ව.1638 මැයි 23 දින වෙස්ටර්වර්ට් -රාජසිංහ ගිවිසුම අත්සන් කරනු ලැබී ය. මෙම ගිවිසුම පාතුගිසි භාෂාවෙන් ද සිංහල භාෂාවෙන් ද රන්පත් වල සටහන් කරනු ලැබී ය.එක් පාර්ශවයක් වෙනුවෙන් ැදවන රාජසිංහ රජු ද අනෙක් පාර්ශවය වෙනුවෙන් ඇඩම් වෙස්ටර්වර්ල්ට් සහ විලියම් ජාකෝබ් කෝස්ටර් යන අය ගිවිසුමට අත්සන් කරනු ලැබී ය.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...