1866 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගාල්ල මහ නගර සභාව පිහිටුවන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හර්කියුලිස් ජෝර්ජ් රොබට් රොබින්සන් විසිනි. එය 1866 නොවැම්බර් 24 දිනැති ලංකාවේ රජයේ ගැසට් අංක 3571 හි ප්‍රකාශයට පත් කරන ලදී.
ආරම්භයේ දී ගාල්ල මහ නගර සභාව වාට්ටු 5 කින් සමන්විත විය.ඒවා කොටුව, කළුවැල්ල, ගාලුපියද්ද , හිරිඹුර, කුඹල් වැල්ල නමිනි.
ගාලු මහ නගර සභාවේ පළමු රැස්වීම 1867 අප්‍රියෙල් 26 වන දින ගාලු කච්චේරි ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.
අභාවප්‍රාප්ත ආචාර්ය විජයනන්ද දහනයක මහතා ගාල්ල පළමු නගරාධිපතිවරයා විය. ඔහු 1939 දී නගරාධිපති ධුරයට පත්විය. පසුව ඔහු ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය (1959-60).
ඊට පෙර, සභාවේ රැස්වීම්වල මුලසුන දැරුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු (සාමාන්‍යයෙන් රජයේ නියෝජිතයා) විසිනි.
ගාල්ල මහ නගර සභාව වර්ග කිලෝමීටර් 16.8 (වර්ග සැතපුම් 6.5) ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි.