ගාල්ල කොටුව යටත් විජිත අවධියේ ඉදිකරනු ලැබු බලකොටු අතර සුවිහේෂි බලකොටුවක් වේ. වර්තමානයේ එය ප්රශස්ත මට්ටමින් ආරක්ෂා වී බලකොටුවක් සේම ලංකාවේ පිහිටි විශාලතම බලකොටුව වේ. පෘතුග්‍රිසි අවධියේ බලකොටු නගරයක් ලෙස ඉදිවූ මෙය පෘතුග්‍රිසි අවධියේ ද යුධ ඉදිකිරිමක් ලෙස භාවිතා වුවත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ගාල්ල කොටුව සුවිශේෂි අභිමානවත් නගරයක් ලෙස සහ පරිපාලන නගරයක් ලෙස භාවිතා වුයේය. එසේම දශක 5කට ආසන්න කාලයක් මුළුල්ලේ ජනතාව ජිවත් වන ජීවමාන බලකොටු නගරයක් ලෙස ද වැදගත් වේ.
ගාල්ල කොටු බැම්ම සුවිශේෂී ඉදිකිරිමක් මෙන්ම 1971 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කරනු ලැබීය. එසේම යුධ වාස්තු විද්‍යාත්මක ඉදිකිරිම් නගර නිර්මාණ සැලැස්ම ගොඩනැගිලි ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙර අපර දෙදිග සම්මිශ්‍රණයෙන් සුසැදි ගොඩනැගිලි ඉදිකිරිම් තාක්ෂණය ආදී කරුණු තුලින් පිළිඹිබු වන කැපී පෙනෙන විශ්වීය වටිනාකම නිසාම 1986 වර්ෂයේදී ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස නම් කරනු පිණිස යුනෙස්කෝ සංවිධානය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමයන් නම් කිරිම සඳහා වන නිර්ණායක අංක 4 යටතේ ගාල්ල කොටුව ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. ගාල්ල කොටුව ගාල්ල මහනගර සභාවේ කොට්ඨාශ අංක 01 වශයෙන් ද නගර සභාවේ වගකීම් වලට යටත් වේ. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , නාගරික සංවර්ධන අධිකාරිය , වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව , කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මධ්‍යම සංස්කෘතික අරමුදල, මධ්‍යම පරිසර අධිකාරිය ආදි විවිධ ආයතන යටතේ ගාල්ල කොටුව ආරක්ෂා කිරීම සඳහා වගකීම් පැවරෙන නිසා ලෝක උරුම පරිශ්‍රයේ සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් මෙකි සියලුම ආයතන එක් කේන්ද්‍රස්ථානයක් වටා ගොනු කිරිමේ අවශ්‍යතාවය මතු විය. ඒ නිසාම එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යව සිටි ගරු රූපා කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කොටුව සංරක්ෂණ කමිටුවක් ස්ථාපනය කරනු ලැබීය. කොටුව සංරක්ෂණය කිරිම සඳහා ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙම සංරක්ෂණ කමිටුවේ අරමුණ වූ අතර මෝටර් රථ ආදී විවිධ ඉසව් සංවිධානයය කරමින් අරමුදල් එක්රැස් කිරිමට කටයුතු යෙදුණි.
මෙම සංරක්ෂණ කමිටුව තව දුරටත් බලගැන්වීම පිණිස 1994 අංක 07 දරණ පාර්ලිමේන්තු පනතක් මගින් ගාලු උරුමය පදනම ස්ථාපනය කරනු ලැබීය. ඒ අනුව ගාලු උරුමය පදනමේ අරමුණ ලෙස ෙළුතිහාසික නගර මධ්‍යස්ථානයක් ලෙස ද පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශයක් ලෙසද ගාලු කොටුව සහ එහි ෙළුතිහාසික පශ්චාත් භුමිය ප්‍රවර්ධනය කිරිම, සංරක්ෂණය කිරිම, ආරක්ෂා කිරිම හා සංවර්ධනය කිරිම සිදු කරනු ලබයි.
ගාලු උරුමය පදනමේ කටයුතු පරිපාලනය , කළමනාකරණය, පාලනය කළමනාකරණ මණ්ඩලයක් වෙත පවරා ඇත. කළමනාකරණ මණ්ඩලයේ සමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වේ.
ගාලු උරුමය පදනමේ මේ දක්වා පත්වී ඇති සභාපතිවරුන්: –
අනු අංකය. | නම | තනතුරට පත්වූ වසර | සේවාව අවසන් කළ වර්ෂය |
01 | නෙවිල් කනකරත්න මැතිතුමා දකුණු පළාත් ගරු ආණ්ඩුකාර |
1994 | 2000 |
02 | ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා (උසස් අධ්‍යාපන ඇමති) |
2000 | 2002 |
03 | රියෙන්සි විජේතිලක මැතිතුමා ( හිටපු සභාපති, හැටන් නැෂනල් බැංකුව) |
2002 | 2003 |
04 | වජිර අබේවර්ධන මැතිතුමා ගරු රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍ය |
2003 | 2004 |
05 | ජී.එච්. අජිත් කුමාර මැතිතුමා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී |
2004 | 2007 |
06 | පරාක්‍රම දහනායක මැතිතුමා (නාගරික මන්ත්‍රී, ගාල්ල මහ නගර සභාව) |
2007 | 2015 |
07 | රම්‍ය සිරිවංශ මැතිතුමා (විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්) |
19.02.2015 | 29.02.2016 |
08 | චන්න මේනක ගෙහාන් දාස්වත්ත මැතිතුමා (වරලත් වාස්තු විද්‍යාඥ ගෘහනිර්මාණ ශිල්පී) |
07.04.2016 | 26.10.2018 |
09 | පරාක්‍රම දහනායක මැතිතුමා (නාගරික මන්ත්‍රී, ගාල්ල මහ නගර සභාව) |
07.12.2018 | 26.12.2018 |
10 | චන්න මේනක ගෙහාන් දාස්වත්ත මැතිතුමා (වරලත් වාස්තු විද්‍යාඥ ගෘහනිර්මාණ ශිල්පී) |
01.03.2019 | 18.11.2019 |
11 | පරාක්‍රම දහනායක මැතිතුමා (නාගරික මන්ත්‍රී, ගාල්ල මහ නගර සභාව) |
24.01.2020 | මේ දක්වා |
ගාලු උරුමය පදනමේ මේ දක්වා පත්වී ඇති විධායක නිලධාරින්/ අධ්යක්ෂවරුන්: –
අනු අංකය. | නම | තනතුරට පත්වූ වසර | සේවාව අවසන් කළ වර්ෂය |
01 | පී. හේවාවසම් මහතා (හිටපු දිසාපති, ගාල්ල) |
15.12.2001 | 01.04.2004 |
02 | පී. විජේරත්න මහතා (හිටපු අතිරේක දිසාපති, ගාල්ල) | 28.06.2004 | 31.12.2005 |
03 | එස්.ඕ.එන් ද සිල්වා මහතා (හිටපු ප්‍රාදේශීය කළමනාකරු ලංකා බැංකුව) |
12.01.2006 | 28.02.2007 |
04 | එච්.එල්. ගුණවර්ධන මහතා (හිටපු ප්‍රාදේශීය ලේකම්, ගාල්ල කඩවත්සතර) |
11.04.2007 | 20.04.2018 |
05 | ඩී.කේ.එස්.ජයලක්ෂ්මි මිය (හිටපු ප්‍රාදේශීය ලේකම්,බද්දේගම කඩවත්සතර) |
29.04.2019 | 25.04.2020 |
05 | සුනිල් දහනායක මහතා (හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) ,ප්‍රධාන ලේකම් කාර්යාලය,දකුණු පළාත) |
20.07.2020 | මේ දක්වා |