ගාල්ල නිරූපනය කෙරෙන ලාංඡනය බවට පත්ව ඇති මේ හෝරා ස්ථම්භය දිවයිනේ තිබෙන උසම සහ
මනස්කාන්තම හෝරා ස්ථම්භය ලෙස හැදින්විය හැක. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් එෆ්.ආර්.සී.පී. වෛද්‍ය
උපාධිය ලබා ගත් ප්‍රථම ශ්‍රි ලාංකිකයා වූ වෛද්‍ය පීටර් ඩැනියෙල් අන්තෝනිස් (1822-1903) සිහිවනු
පිණිස ජෝන් හෙන්රි ගෙස් ලැන්ඩන් නම් වූ ඉංජිනේරුවරයාගේ සැලසුමක් මත වර්ෂ 1883 දී නිමවන
ලද්දකි. මේ හෝරා යන්ත්‍රය පරිත්‍යාග කරන ලද්දේ කොස්ගොඩ විසු මහා ධානපතියෙක් මෙන්ම
මුහන්දිරම්වරයෙකු වූ සැම්සන් ද අබෘෘ රාජපක්ෂ මහතා විසිනි. මෙය ඉදිකිරිමට පෙර ගලින් නිමවූ ඝන්ඨා
කුළුණක් මෙහි ස්ථාපනය කර තිබු අකර එය 1879 දී ඉවත්කොට මීටර් 25.3 උසකින් යුක්ත මේ හෝරා
ස්ථම්භය ඉදිකරවන ලදී.