අවුරෝරා සහ ආකර්ස්ලූට් අට්ටාලය අතර ඇති දර්ශනීය ගොඩනැගිල්ල පිහිටි භුමියේ ලන්දේසි රෝහල ඉදිකර තිබිණ. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී එනම් 1860 න් පසු, රෝහලත් ,වෛද්‍යවරයාගේ නිල නිවාසයත් ඉදි කරන ලදී. මේ ගොඩනැගිල්ලට මුහුණලා පිහිටි මාවත, රෝහල් වීදිය වශයෙන් බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී නම් කරනු ලැබිණ. ඔවුන් විසින් පළමුවෙන් ම කලෙක්ටර්වරයාගේ කාර්යාලය ලෙසත් ,
1920න් පසුව කච්චේරිය නැතහොත් දිසාපතිවරයාගේ කාර්යාලය ලෙසත්, මේ ගොඩනැගිල්ල භාවිතයට ගන්නා ලදී. යුරෝපයේ වසූරිය එන්නත සොයා ගැනීමටත් පෙර ගාලු ප්‍රදේශයේ මෙම මාරන්තික වසංගත රෝගය බෙහෙවින් පැතිර ගිය බැවින් ඒ වසංගත රෝගය නැති කිරිම සඳහා වූ එන්නත ගැන මුල්ම පර්යේෂණ මේ ගොඩනැගලිලේ දී සිදු කරනු ලැබ තිබීම වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය.