මෑතක් වනතුරුම ගාලු කොටුවේ ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයන් වුව ද එහි බෞද්ධ වහාරස්ථාන ඇත්තේ එකක් පමණි. දැනට දක්නට ලැබෙන විහාරස්ථානය වර්ෂ 1889 දී ගොඩනගා ඇත්තේ ගාලු කොටුවේ විසු දානපතියෙකු හා මුහන්දිරම්වරයෙකු වූ එෆ්. ඒ.වික්‍රමසිංහ මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමෙහි ය. විදේශිය පාලන සමයන්හි බෞද්ධ ගොඩනැගිලි ඉදිකිරිම්වල දීද ලන්දේසි ඇතුළු යුරෝපීය ගෘහ නිර්මාණ ක්‍රමවලින් බලපෑම් ලැබු ආකාරය විහාරස්ථානයේ ගෘහ නිර්මාණ කෙරෙහි අවධානය යොමු කිරිමෙන් වටහා ගත හැකි කරුණකි.