1. ගාලු කොටුව පුරාවිද්‍යා ස්ථානයේ සිදු කරනු ලබන සියලුම ආකාරයේ වැඩ සටහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියෙකු ඉදිරිපිට දී පමණක් කළ යුතු අතර, මහජන යහපත ඔහු විසින් පනවනු ලබන කොන්දේසි වලට අනුකූල විය යුතුය.
2.නිගරු ඉරුයව්, අශෝභන හැසිරීම් හෝ ශ්‍රි ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන වැඩසටහන් හෝ වෙනත් ඉදිරිපත් කිරිම් යනාදිය සිදු නොකල යුතුය.
3.1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනතේ අංක 47(උ) වගන්තිය යටතේ මෙම කොන්දේසි නිකුත් කරනු ලබන අතර මෙම කොන්දේසි හා නියෝග උල්ලංඝනය කිරිම මෙම පණතේ 44 වගන්තිය යටතේ දඩුවමකට යටත් වේ. මෙම කොන්දේසි හා නියෝග උල්ලංඝනය හෝ යම් හෙයකින් පුරාවස්තුන්ට හානි කල හොත් 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන ආඥාපනතේ අංක 15(ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ද වේ.
4.ඩ්‍රෝන කැමරා භාවිතා කිරිම සඳහා ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරියේ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සහ අනෙකුත් අදාල පාර්ශවයන්ගෙන් අනුමැතිය ලබා ගත යුතුය. මෙම ඩ්‍රෝන යන්ත්‍ර කි‍්‍රයාත්මක කිරිමේදී පුරාවස්තු හා ස්මාරක වලට සෘජ්රවම ඉහලින් පියාසර නොකල යුතු අතර, ස්මාරකයට අවම වශයෙන් තිරස් අඩි 100ක දුරකින් ක්‍රියාත්මක කල යුතුය.
5.කිසිදු වැඩසටහනක් සඳහා කොටු බැම්ම බාවිතයට අවසර දෙනු නොලැබේ.
6.ඔබගේ වැඩ සටහන සඳහා කිසිඳු ඉදිකිරිමක් ,පොළව කැණිමක් , ගිනි දැල්වීමක් නොකල යුතු අතර , තාවකාලික ආවරණයක් භාවිතා කරන අවස්තාවක දී ඒවා කිසිදු අයුරකින් පොළව කැණ සවි නොකළ යුතුවා මෙන්ම කිසිදු ස්මාරකයකට හෝ ඉන් කොටසකට සම්බන්ධ නොකර සවි කල යුතුය.
7.ඔබගේ කාර්යය හේතුවෙන් පැරණි ස්ථානයකට කිසිදු හානියක් අගෞරවයක් සිදු නොවිය යුතු අතර භුමියට හෝ පරිසරයටද හානි නොවිමට ද ඔබ වග බලා ගත යුතුය.
8.මෙම අවසරය ඕනෑම අවස්ථාවක අවලංගු කිරිමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට හැකි අතර , ඒ සඳහා කිසිදු වන්දියක් ගෙවීමට බැදී නොසිටි.
9.අදාල වෙනත් ආයතන වල අනුමැතිය ඔබ ලබා ගත යුතුය.
10.වැඩසටහන අවසානයේ භූමිය තුළ ඇති සියළු අපවිත්‍ර දෑ නිසි පරිදි බැහැර කර ස්ථානය පවිත්‍ර කර පුරාවිද්‍යා නිලධාරින්ට බාරදිය යුතුය.
11.සති අන්ත හා රාජකාරි කාලයෙන් බැහැරව සිදු කරන ලබන වැඩසටහන් සඳහා අදික්ෂණය කරන පුරාවිද්‍යා නිලධාරින් සඳහා අතිකාල දීමනා හෝ වෙනත් අනුමත දීමනාවක් අදාල පාර්ශවය විසින් ගෙවිය යුතුය.
1.ගාලු කොටුව තුල බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කිරිමට අවසර දෙනු නොලැබේ.
2.වෙලඳසල්හි නාම පුවරු අඩි 10 X අඩි 2 ප්‍රමාණයට නොවැඩි විය යුතු අතර සුදු කලු වර්ණයෙන් පමණක් සකස් කල යුතුය.
3.එම නාම පුවරු සවිකිරිමේදී ස්මාරකයට හෝ කොටසකට කිසිදු අයුරකින් හානියක් නොවන ලෙසත් ස්මාරකයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ආවරණය නොවන අයුරිනුත් සවි කළ යුතුය.
4.කිසිඳු ආකාරයේ වෙළඳ සන්නාම, අනුග්‍රාහකත්ව පුවරු යෙදීම නොකළ යුතුය.
5.වෙළඳසල් ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කරන්නේ නම් ඒවායේ ප්‍රමාණය 2 ½ X අඩි 1 ½ ට නොවැඩි විය යුතු අතර ඒවා ආධාරකයක් මත සවි කරනු ලැබු තාවකාලික එකක් විය යුතුය.
6.ගාලු කොටු පවුර මත කිසිදු පෝස්ටරයක් , බැනර් හෝ කටවුට් සවි නොකල යුතුය.