කළු කොටුව

කළුකොටුව (Black Fort ) ලෙස හැදින්වෙන මෙම කොටස පෘතුග්‍රිසීන් විසින් සාන්ත කෘෘස් (Santa Cruse)  නමින් ද, එසේ නැතහොත් ෆෝටලෙසා ( Fortaleza) යන නමින් ද හඳුන්වනු ලැබිණ. මෙම කළුකොටුව පෘතුග්‍රීසි බලකොටුවකට ආවේණික අංගයන් වන උමං මාර්ග, රහස් කුටි , ගබඩා ගොඩනැගිලි හා යුද්ධ කටයුතු සහා අවශ්‍ය වන විවිධ අංගවලින් ද සමන්විත විය. මෙහි පහත මාලයේ වරාය දෙසට යොමුවන පරිදි කාලතුවක්කු අටක් සවි කිරිම සඳහා අවශ්‍ය පහසුකම් පිළියෙළ වී තිබිණ.

ඉදිරිපස කවාකාර වූ මෙහි ඉහළ මාලය හා පහළ මාලය සම්බන්ධ කොට තිබුණේ යුද්ධ භටයෙකුට වුවද පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රමාණයේ උසක් ඇති උමං මාර්ගයකිනි. යුද්ධ භටයන් රැදි සිටි මුර කුටි කිහිපයක් ද මෙහි තිබේ. මෙම ස්ථානයේ කොටු බැම්මේ පිටත බිත්තිය නමවා ඇත්තේ හිරිගල්වලිනි. ඒ සඳහා හුණු හා වැලි මිශ්‍ර බදාමයක් භාවිතා කර ඇත. ගාලු කොටුව නම් වූ මේ සුවිශාල ස්මාරකය ඉදිකිරිමේ කර්තව්‍යයට පෘතුග්‍රීසින් දැක්වූ දායකත්වය පිළිඹිබුකරන පැරණිම හා ශක්තිසම්පන්නම සාධකය කළුකොටුව වේ.

Lower Layer of Black Fort

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...