ලන්දේසි රෙපරමාදු දේවස්ථානය

1752 ජූලි 4 වනදා ආරම්භ කරනු ලැබු ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ගාලු කොටුව තුල පිහිටා ඇති වැදගත්ළුතිහාසික ගොඩනැගිල්ලකි. ගාලු වරායේ නැව් කර්මාන්තයේ යෙදි සිටි වඩු කාර්මිකයන්ගේ හා ගොඩනැගිලි නිර්මාණය කරන්නන්ගේ අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ ආබ්‍රහම් අන්තෝනිස් මහතාගේ පරීක්ෂාව යටතේ මේ දේවස්ථානයේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදී.
බොහෝ කාලයක් දරු සම්පත් නොලැබ සිටි ගාල්ලේ කොමන්දියුරුවරයා වශයෙන් සේවය කළ කැස්පාරිස් ද ජොං මැතිතුමාගේ බිරියට දුවක ලැබිමේ ප්‍රීතිය නිමිත්තෙන් දෙවියන්වහන්සේට කරන ලද ස්තූති පූජාවක් වශයෙන් මේ දේවස්ථානය ඔහුගේ වියදමින් ගොඩනංවන ලදී. ඔහුගේ දියණිය (ඇඩ්රියානා ජොහානා) 1755 අගෝස්තු 24 වන දින මේ පල්ලියේ දී බව්තීස්ම කරනු ලැබිණ. ඕලන්දයේ දේවස්ථානවල ගෘහ නිර්මාණ ශිල්පයට අනුගතව මේ දේවස්ථානය ගොඩනගා ඇත්තේ කුරුසයක හැඩය ඇති පාදමක් මතය. එබැවින් මෙම දේවස්ථානය කුරුස පල්ලිය (Kruiskerk) ලෙස හැඳින්වේ . ගොඩනැගිල්ල ඉදිරිපස ඇති ගේබලය වෙනත් කිසිදු සමකාලීන ගොඩනැගිල්ලක දක්නට නොලැබෙන ආකාරයේ මෝස්තරයකට නිමකොට තිබිමද වැදගත් කරුණකි.
ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නිලධාරින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ මරණින් පසු ඔවුන්ගේ මළ සිරුරු තැන්පත් කරන ලද්දේ දේවස්ථාන භුමියේ පොළව යට වූ කුඩා කුටි තුලය. දේවස්ථානය තුළ බිම අතුරා ඇති සිහිවටන පුවරු රාශියේ එසේ මියගිය තැනැත්තන් පිළිබඳ විස්තර සටහන් කර ඇත. මියයන හැම රෙපරමාදු ආගමිකයෙකුම ස්වර්ගයට සමීපස්ථ වූ ස්ථාන වන දේවස්ථාන තුළ හෝ එම භුමි භාගයෙහි ම භුමිදාන කිරිම වැදගත් කාර්යයක් ලෙස ලන්දේසීහු සැලකුහ. දේවස්ථානය අභ්‍යන්තරයෙහි වූ අවසන් සුසාන ගතකිරිම 1863 දී සිදු කරන ලද බැව් කියවේ. දේවස්ථානය ඇතුලත සිහිවටන පුවරුවක් තැන්පත් කිරිමට බොහෝ විට අවස්ථාව ලැබුණේ උසස් නිලධාරින්ටය. දේවස්ථානයෙහි ඇති පැරණි ඕගනය 18 වන සියවසේ මුල් කාලයේ ඕලන්දයේ සිට රැගෙන එන ලද්දකි. මෙය ක්‍රියාත්මක කරන ලද්දේ පෘතුග්‍රිසි මෙහෙකරුවන් ලවා සුළං බැදිමෙන් ශක්තිය ජනනය කරවීමෙනි. 1930 දශකයේ දී ෆ්‍රෙඩ්රික් පීටර් ස්කොල්ස් (Frederik Pieter Schools) හෙවත් අන්තිමට ක්‍රියාත්මක කළ තැනැත්තා වේ.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...