සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

(01)ආරම්භය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් 1993 වර්ෂයේ සිට කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හමු වූ පුරාවස්තු මහජනතාවට ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය මත වර්ෂ 2010 මාර්තු 04 වන දින නෙදර්ලන්ත ආධාර යටතේ ඇවොන්ඩ්ස්ටර් ව්‍යාපෘතිය පදනම් කර ගනිමින් ඕලන්ද යුගයට අයත් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ භාණ්ඩ ගබඩා ගොඩනැගිල්ල තුළ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ආරම්භ කරන ලදී.

(02)කෞතුකාගාරය ස්ථාපිත ගොඩනැගිල්ලේ ඉතිහාසය

මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ ප්‍රමුඛත්වය ලන්දේසී ජාතික ආණ්ඩුකාර ඉසක් ඔගස්ටින් රම්ප් (1716-1723) දරන ලද අතර, එය ඉදි කිරීමේ මූලික අරමුණ වී තිබුනේ කුරුඳු එකතු කොට ගබඩා කිරීමයි. තොග බඩු ගබඩා කරන ස්ථානයක් ලෙස ලන්දේසීන් විසින් භාවිතා කර ඇති මෙම ගොඩනැගිල්ල දිගින් මීටර් 143 ක් ද ඇතුළතින් පළල මීටර් 13.60 ක් ද වේ.

කළු කොටුවේ සිට කොමාඩ්මන් අට්ටාලය තෙක් විහිදී ඇති මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්ත වේ. මෙය අරමුණු දෙකක් පදනම් කරගෙන ඉදි වී ඇත. එනම්, (¸)භාණ්ඩ ගබඩා ගොඩනැගිල්ලක් ලෙසින් ද, (¸¸)ගාලු කොටුවේ කොටු පවුරක් වශයෙන් ද, භාවිතා කර ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා වර්ෂ 09 ක් ගත වූ බව පැවසෙන අතර, ඉහළ මහලේ ප්‍රවේශ දොරටුවල ඉහළින් සවිකර ඇති ගල් පුවරුවල 1671, 1672, 1676 යනා දී ලෙසින් සටහන් කර ඇති ආකාරය දැකගත හැකිය.

(03)කෞතුකාගාරයේ තේමාව හා ඒ සම්බන්ධව ගැනෙන ප්‍රධානම පුරාවස්ත

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ මැදිරි සැළසුම්කරණය මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූවකි. සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය තොරතුරු මධ්‍යස්ථානයකින් හා ප්‍රදර්ශන මැදිරි හතරකින් ද, රසායනාගාරයක් හා පොත් හා අනුරූ අලෙවිසැලකින් සමන්විත වේ.

තේමාව

අතීතයෙන් අපට දායාද වූ සමුද්‍රික කෞතුක වස්තු රැස්කර, සංරක‍ෂණය කරමින් අධ්‍යාපනය උදෙසා ප්‍රදර්ශනය කර අනාගත පරපුර උදෙසා තිළිණ කිරීම.

පුරාණ ගල් බංකුව

මෙම ගල් බංකුව සොයා ගන්නා ලද්දේ අම්බලන්තොට පිහිටි පැරණි ගොඩවාය වරායට නුදුරු
මුහුදේ ගිලී ගිය පැරණි නැවකිනි. තිස්සමහාරාමයේ යටාල දාගැබින් සොයාගෙන තිඛෙන මේ
හා සමාන ගල් බංකුවල කි්‍ර.පූ දෙවන සියවසට අයත් කළ හැකි බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන
ලද කුඩා ලිපියක් දක්නට තිබේ. මෙම ගල් බංකුවේ ද අෂ්ට මංගල ලකුණු වලට අයත් ශී්‍ර
වත්ස්‍ය නන්දිපාද යන ලකුණු කොටා තිබේ. මෙවැනි ගල් ගල් බංකු අවශ්‍යතාවයක් ස`දහා
භාවිත කරන ලද්දක් දැයි නිශ්චිත නැත.

සින්නපාඩු කාලතුවක්කුව

2007 වසරේ දී හලාවත මුන්දලම සින්නපාඩු ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මෙම
කාලතුවක්කුව ලන්දේසි යුගයට අයත් දැවමය නෞකාවකට අයත් බවට අනුමාන කෙරේ.
ධීවරයින් පිරිසක් විසින් ගොඩගන්නා ලද මෙම කාලතුවක්කුව මුන්දලම පොලිසිය විසින්
අත්අඩංගුවට ගන්නා ලද්දකි. 17 වන සියවසට අයත් මෙම කාලතුවක්කුව මිශ්‍ර ලෝහයෙන්
නිපදවා ඇත.

හර්කියුලිස් සීනුව

කි්‍රස්තු වර්ෂ 1661 මැයි මස 22 වන දින ගාලූ වරාය අසළ මුහුදු බත් වූ —හර්කියුලිස් ˜ නම් වූ
නෙදර්ලන්ත නෞකාවට අයත් මෙම ලෝකඩ සීනුව ගාල්ල වරායේ උතුරු වෙරළාසන්න
ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද්දකි. සීනුවේ මතුපිට දක්වා ඇත්තේ —ආදරය සියල්ල ජය ගනී
වසර 1625˜ යන අරුත දෙන ලතින් භාෂාවෙන් ..Aඵධඍ ඪෂභක‍ෂඔ ධඵAභෂA Aභභධ 1625..
යන පාඨයයි.

මුහුදු බත් වූ බෝතල්

මුහුදුබත් වූ මෙම වීදුරු බෝතල් සොයාගනු ලැබුවේ මහා රාවණා කොට ුවේ ප්‍රදීපාගාරය අසල
මුහුදෙනි. එම ස්ථානයට —ඊදඑඑකැි උරුජන˜ ලෙස ව්‍යවහාර වන්නේ ද විශාල බෝතල්
ප්‍රමාණයක් මුහුදුබත් වී තිබී සොයා ගැනීම හේතු කොට ගෙන ය. ඒවා දහනවවන සියවසේ
මැද භාගයේදී ගිලීගිය බි්‍රතාන්‍ය නෞකාවකට අයත් යැයි හඳුනාගෙන තිබේ. මෙම බෝතල්
නිෂ්පාදනය කරන ලද ආයතනයේ නාමය බෝතල්වල සටහන් වී ඇත්තේ ීඹඡෑඍෂධඍ
ීධෘA උAඔෑඍ ක‍ඛAඍණෑ ඍධඵෑඍ ) ඣග ක‍ෑශඛධභ ලෙසිනි.

බල ඔරුව

ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ස`දහා භාවිතා කරන මෙම යාත්‍රාව තැනීම ස`දහා වල්දෙල්
(Aරඑදජ්රචමි ිචග බදඉසකසි), අඹ (ඵ්බටසෙැර් සබාසජ්), දොඹ (ක‍්කදචයහකකමප සබදචයහකකමප) වැනි
ශක්තිමත් දැව භාවිතා කෙරේ.සාමාන්‍යයෙන් බල ඔරුවක් අඩි 32 පමණ දිගකින් යුක්තය.බල
ඔරුව බහුලව දක්නට තිඛෙන්නේ ශී්‍ර ලංකාවේ දකුණු මුහුදු තීරයේය.

තෙප්පම

තෙප්පම වූ කලී කලපුවල මෙන්ම මුහුදේද මසුන් ඇල්ලීමට යොදා ගන්නා කුඩා යාත්‍රා
විශේෂයකි.මෙය බොහෝවිට තනි පුද්ගලයෙකු විසින් හසුරුවයි.සැහැල්ලු දැවයෙන් තැනූ දැව
කඳන් හතරක් එක්කොට මෙවැනි යාත්‍රාවක් තනනු ලැබේ.

වීන පෝසීලේන් බඳුන්

්‍ර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවන වීන පෝලිලේන් බඳුන් එකතූන් මැදිරි කිහිපයක
ප්‍රදර්ශනය වේ. සියවස් ගණනාවක් පුරා ශී්‍ර ලංකාව චීනය සමග පැවැත් වූ විවිධ සබඳතාවලට
මෙවැනි චීන බඳුන් සාක‍ෂ්‍ය සපයයි.

(04)විවෘතව තබන වේලාවන්

රජයේ නිවාඩු දිනවල හැර දිනපතා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතී.

 

(05)ප්‍රවේශ පත්‍ර මිල

විදේශීය වැඩිහිටි US $ 5
විදේශීය ළමා US $ 2.5
දේශීය වැඩිහිටි Rs. 50/-
දේශීය ළමා Rs. 25/-
පාසල් ළමුන් සඳහා Rs.10/-

(06)කෞතුකාගාර අංශ

(i)ප්‍රධන ප්‍රවේශය හා තොරතුරු මධ්‍යස්ථානය

කෞතුකාගාරයට පැමිණෙන සංචාරකයින් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබන ප්‍රවේශ පත්‍ර අලෙවි මධ්‍යස්ථානය ප්‍රධාන ප්‍රවේශ දොරටුව ඉදිරිපස ස්ථාපිත කර ඇත. මෙම කලාපය සංචාරකයින් සඳහා නිදහස් ප්‍රදර්ශන පරිශ්‍රයක් ලෙස සකස් කර ඇත.
ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා සෑම දේශීය විදේශීය සංචාරකයෙකුටම මුහුදු පුරාවිද්‍යා ක‍ෂ්ත්‍රවල
කැණීම් හා ගවේෂණ කටයුතු සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නැරඹීමේ අවස්ථාව සලසා තිබේ. මෙය සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම විකාශනය වේ. සංචාරකයින්ට සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය හා ගාලු කොටුව ආශ්‍රිතව තොරතුරු ලබාදීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙම කලාපයේ ස්ථාපිත කර ඇත.

(ii) පළමු මැදිරිය

සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳ මූලික හැඳින්වීම. සමුද්‍ර පුරාවිද්‍යව විෂයක් ලෙස වර්ධනය වීම. විධිමත්මු හුදු පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ ආරම්භ වීම. ආතර් සී ක්ලාක්, මයික් විල්සන් හා රොඩ්නි ජොන්ක්ලාස් යන පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ මුහුදු පතුලේ ඇති පුරාවස්තු පිළිබඳ අනාවරණය වීම ආදී කරුණු මෙන්ම, ප්‍රාග් ඓතිහාසික අවධියේ මානවයා මුහුද සමග දැක්වූ සබඳතා ආශ්‍රිත තොරතුරු.

(iii) දෙවන මැදිරිය

ශ්‍රී ලංකාව අතීතයේ සිටම විදේශ රටවල් සමග පැවැත් වූ සම්බන්ධතා නිරූපණය කෙරෙන
ද්‍රව්‍යාත්මක සාධක මෙම ප්‍රදර්ශන මැදිරියේ නිරූපණය කෙරේ.

(iv)තෙවන මැදිරිය

සමුද්‍රය ලංකාවේ සංස්කෘතික ක‍ෂ්ත්‍රයට කළ බලපෑම නිරූපණය කෙරෙන ද්‍රව්‍යාත්මක සාධක.
විශේෂයෙන් භාෂාව ඇඳුම්-පැළඳුම් හා ප්‍රාසාංගික කලාවේ සිදු වූ වෙනස්කම් ආදී තොරතුරු.

(v) සිව්වන මැදිරිය

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹන්නන්ට මෙම ප්‍රදර්ශන මැදිරිය තුළින් ක්‍රි.ව.1659 ගාලු වරාය ආශි්‍රතව මුහුදු බත් වූ ඇවොන්ඩ්ස්ටර් නෞකාව ආශි්‍රතව හමු වූ පුරාවස්තු නැරඹීමට අවස්ථාව ලැබේ.
1659 ජුලි 02 වන දින ගාලු වරායේ නැංගුරම් ලා තිබිය දී සිදු වූ අනතුරකින් කොටස් දෙකකට කැඩී මුහුදු බත් වූ මෙම නෞකාව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් 1993 වසරේ දී සොයා ගන්නා ලදී. ශ්‍රී ලංකාව හා ́ඕස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා ව්‍යාපෘති ඒකාබද්ධව 1997, 1998, 1999
වර්ෂයන්වලදී සිදු කළ කැණීම්වලිනුත්, නැවත 2000 වර්ෂයේදී නෙදර්ලන්ත ආධාර යටතේ
අරම්භ කළ කැණීම්වලින් පුරාවස්තු විශාල ප්‍රමාණයක් හමු වි ඇත.
දැනට මෙම මැදිරිය තුළ කාලතුවක්කුව හා උණ්ඩ, කරණවෑමී තැටිය, ඉටිපන්දම් රදවනය,
ඇඹරුම් ගල් ආදී දුර්ලභ ගනයේ පුරාවස්තු ගණනාවක් මෙන්ම, දැනට ඇවොන්ඩ්ස්ට
නෞකාව මුහුදු පතුලේ දිස්වන ආකාරය දැක්වෙන ආකෘතියක් ද දැක ගැනීමට හැකියාව ලැබේ.

(vi) පොත් සහ අනුරූ අලෙවි සැල

මධ්‍යම සංස්කෘතික අරමුදල හා වෙනත් ආයතන මගින් ප්‍රකාශිත ග්‍රන්ථ මෙහි අලෙවි කරනු ලැබේ. එමෙන්ම පුරාවිද්‍යාව හා සමුද්‍ර පුරාවිද්‍යාව ආශි්‍රත දුර්ලභ ගණයේ පොත් ද මෙහි අලෙවි වේ. ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් පදනම් කොට ගෙන නිර්මාණය කර ඇති අනුරූ හා ඡායාරූප එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. එම අනුරූ සහ ඡායාරූප මිළ දී ගැනීමට ද අවකාශ නරඹන්නන්ට ලබා දී ඇත.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...