ගාල්ල ජාතික කෞතුකාගාරය

දකුණු පළාතට සුවිශේෂී සමාජයීය හා සංස්කෘතික උරුමය සුරැකීම, අධ්‍යයනය, ප්‍රදර්ශනය හා දැනුම අවබෝධය රසාස්වාදය ලබා දීම අරමුණු කරගත් ගාල්ල ජාතික කෞතුකාගාරය 1986 මාර්තු මස 28 වන දින මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කෞතුකාගාරයක් වශයෙනි.

ගාල්ල ජාතික කෞතුකාගාරය ප්‍රදර්ශන මැදිරි ත්‍රිත්වයකින් සමන්විතය. එහි පළමු මැදිරිය, ඓතිහාසික ගාලු කොටුව හා දකුණු පළාතට සුවිශේෂිත වූ සමාජයීය, සංස්කෘතික උරුමය ද දෙවන මැදිරිය, යටත්විජිත යුගයට සමකාලීන සමාජ පසුබිම ද තෙවන මැදිරිය, ශ්‍රී ලංකා – චීන ඓතිහාසික මිත්‍රත්වය ද විදහා දැක්වෙන මාහැඟි කෞතුක භාණ්ඩ එකතුවකින් යුක්ත වේ.

කෞතුක භාණ්ඩ එකතුව

සාම්ප්‍රදායික කර්මාන්ත විෂයය කොටගත් වෙස් මුහුණු එකතුව, කැස්බෑ ලෙලිවලින් තැනූ භාණ්ඩ එකතුව, කළුවර ලී කැටයම් භාණ්ඩ එකතුව, බීරළු රේන්ද එකතුව, බලි රූප, ඇත් දළවලින් කළ භාණ්ඩ එකතුව, බුලත්විට ආශ්‍රිත භාණ්ඩ එකතුව,ලෝහ භාණ්ඩ එකතුව ද සෙසු කෞතුක භාණ්ඩ අතර ලන්දේසි ගෘහ භාණ්ඩ, විවිධ අවිආයුධ, ගබඩා බඳුන්, බෙලමයින් බඳුන්, චීන සැරසිලි මෝස්තර සහිත සිංහ රූප හා චීන නාවුක අද්මිරාල් ෂෙංග්-හේ හා ෆාහියං භික්ෂුවගේ රන් පැහැය ආලේපිත අනුරුව ද දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ෂණයට ලක්වූ භාණ්ඩ එකතූන් වේ.

කෞතුකාගාර ගොඩනැගිල්ලේ සුවිශේෂීතාවය

දෙස් විදෙස් නරඹන්නන්ගේ නිරන්තර ආකර්ෂණයට ගාල්ල ජාතික කෞතුකාගාරය යොමු වීම කෙරෙහි එහි ප්‍රදර්ශිත කෞතුක භාණ්ඩ එකතුව මෙන්ම පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල ද හේතුවන බව නිසැකය. ඒ,  ක්‍රි.ව.1686 දී ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ ප්‍රෞඪත්වය දෙස් විදෙස් නරඹන්නන්ගේ දැඩි අවධානයට යොමුව ඇති බැවිනි.

මහජන ප්‍රදර්ශන කටයුතු

විවෘතව පවතින දිනයන්             : අඟහරුවාදා සිට සෙනසුරාදා දින දක්වා

වසා තැබෙන දිනයන්                  : ඉරිදා, සඳුදා,පොහොය දින ඇතුළු රජයේ නිවාඩු දිනයන්

විවෘතව පවතින වේලාවන්         : පෙ.ව.9.00 – ප.ව.5.00 ( ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව.4.30 දක්වා පමණයි )

ප්‍රවේශ පත්‍ර ගාස්තු

දේශීය වැඩිහිටි Rs. 20/-
දේශීය ළමා Rs. 10/-
දේශීය කණ්ඩායම් (පාසැල්) සිසු Rs.5/- (for each child)
ගුරුභවතුන් සඳහා Rs.15/-
විදේශීය වැඩිහිටි Rs.300/-
විදේශීය ළමා Rs.150/-
සාමාන්‍ය කැමරා බලපත්‍ර Rs. 250/-
වීඩියෝ බලපත්‍ර Rs. 2000/-

 

කෞතුකාගාරය මගින් පවත්වාගෙන යනු ලබන විවිධ සේවා

ජංගම ප්‍රදර්ශන කටයුතු

“ගාලු උරුමය” ජංගම ප්‍රදර්ශන කටයුතු සඳහා පූර්ව අනුමැතියකින් හා කෞතුකාගාරයේ පවතින නෛතික රාමුවට අනුව කටයුතු සම්පාදනය කර ගැනීමේ හැකියාව.

කුඩා කණ්ඩායම් දේශන

කෞතුකාගාරය වෙත පැමිණෙන පාසැල් හා සෙසු කුඩා කණ්ඩායම් සඳහා කෞතුකාගාර පරිශ්‍රය තුළ පවත්නා ඉඩ පහසුකම්වලට අනුකූලව දේශන සංවිධානය කර ගැනීමේ හැකියාව.

කෞතුකාගාර ප්‍රකාශන මිළදී ගැනීම

ගාල්ල ජාතික කෞතුකාගාරයේ අත්පත්‍රිකා ඇතුළුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කෞතුකාගාරයේ පොත් අලෙවිසැල මගින් මිළට ලබා ගැනීමේ හැකියාව.

විමසීම්

ස්ථානභාර නිලධාරී,

ගාල්ල ජාතික කෞතුකාගාරය,

පල්ලිය වීදිය,

කොටුව,

ගාල්ල.

දුරකථන අංකය : 091 2232051

ෆැක්ස් අංකය     : 091 2232051

විද්‍යුත් ලිපිනය    : gallenationalmuseum@gmail.com

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...