පෘතුගීසි ජාතිකයින්ගේ පැමිණීම (ක්‍රි.ව.1505)

අරාබි ජාතිකයින් විසින් වෙළඳ බලය තහවුරු කරගෙන සිටි ආසියානු කාලාපීය රටවල් වෙත ගොස් එම වෙළඳ බලය තමන් සතු කර ගැනීමට පෘතුගීසි ජාතිකයින් විසින්කටයුතු කරනු ලැබී ය. මෙහි ප්‍රතිපලයක් ලෙස සර් ෆැන්සිස්කෝ ද අල්මේදා ඇතුලු පිරිස විසින් එතෙක් මුස්ලිම්වරුන් විසින් බලය තහවුරු කරගෙන සිටි ගෝවා දේශය ස්වකීය පාලනයට යටත් කරගෙන පාලනය කරනු ලැබීය.

පෘතුගීසීන්ගේ සම්බන්ධවීම

පෘතුගීසීන්ගේ ආගමනය පිළිබඳව විවිධ කතාන්දර ජනප්‍රවාදයේ ඇත. එක් කතාන්දරයකට අනුව, තවදුරටත් ආසියානුකරයේ වෙළඳ බලය තහවුරු කරගැනීමේ නිරත වූ අල්මේදා එකල මාලදිවයින් මුහුදු තීරයේ වෙළඳාමෙහි නිරත වන මුස්ලිම් ජාතිකයින් අල්ලා ගැනීම පිණිස සිය පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා ඇතුලු නාවුක බලඇණියක් පිටත් කර යවන ලදී. මළබාර් වෙරළ පෘතුගීසින් අල්ලා ගැනීම නිසා මාලදිවයින සහ සෙයිලාඕ(ලංකාව) අතර නව මඟක් සොයා ගැනීමට මුස්ලිම් ජාතිකයින්ට සිදුවීම නිසා මෙම කලාපයේ ඔවුහු ගැවසෙනු ඇතැයි පෘතුගීසි ජාතිකයෝ අනුමාන කළහ. ලොරෙන්සෝගේ නැව් හදිසියේ මතු වූ දිය රැළි හේතුවෙන් ගාලු තුඩුවට ගසාගෙන ආහ. කාම්බෝජයට අපනයන කීරීම සඳහා කුරුඳු සහ ඇතුන් පැටවුන් නැව් රැසක් ගාලු වරායේ නතර කර තිබුණි. ලොරෙන්සෝ ඇතුලු පිරිස මුස්ලිම් ජාතිකයින් බිය වද්දා පලවා හැර වරාය අවට ජීවත් වූ ස්වදේශකයින් කිහිප දෙනෙකු කැඳවා ඔවුගේ අනුමැතිය මතවරායේ ගල් පර්වතයක පෘතුගීන්ගේ පැමිණීම සටහන් කිරීමට පෘතුගාල රජුගේ ලාංඡනය නිර්මාණය කරන ලදී. ඔහුගේ කණ්ඩායමේ ගොන්සාල් ගොන්සාලවෙස් නම් පුද්ගලයෙකු විසින් මෙම කටයුත්ත සිදු කරනු ලැබූ අතර ලාංඡනයට ඔහුගේ නමද ඇතුලත් කරනු ලැබී ය.

එහෙත් ක්‍රි.ව. 1560 දශකයේ තොරතුරු රැස්කල ඉතිහාසඥයෙකු වූ ගැස්පාර් කොරයා විසින් ලොරෙන්සෝ ද අල්මේදා ක්‍රි.ව.1506 දී කොළඹට පැමිණි බව පවසයී. නැවියන් 300ක් ද සමඟ අගෝස්තු 01 දින ලොරෙන්සෝ ඇතුලු පිරිස ඉන්දියාවේ කොචින් වලින් පිටත් වී ඇත. අතර මග හදිසි කුණාටුවකට හසු වී කොළඹ වරායට සේන්දු විය. ඒ වන විට වරායේ තිබුණු නැව් වල අපනයන භාණ්ඩ රැසක් තිබුණි. එම භාණ්ඩ අතර තෙල් සිදින ලෙලි සහිත පොල්, වියළී පොල්, පුවක්, කුරුඳු, කුඹ ගස්, ලෑලි, ඇතුන් ආදී වෙළඳ භාණ්ඩ තිබුණු බව කියයි. ලොරෙන්සෝ විසින් නැව් නැගීමට සුදානමින් සිටි මුස්ලිම් ජාතිකයෝ බියවද්දා පලවා හැර වරායෙහි නවාතැන් ගන්නා ලදි. පසුව දියෝගූ ද මේලෝ නම් පුද්ගලයෙකු අත ත්‍යාග රැසක් දී සිංහල රජු හමුවීමට පිටත් කරනු ලැබී ය. අවුරුදු පතා කුරුඳු, ඇතුනු ආදී වෙළඳ ද්‍රව්‍ය ලංකාවෙන් ලබා ගැනීමටත් ඒ වෙනුවට පෘතුගාලය විසින් ලංකාවේ වෙළඳ තීරය හා නැව් තොටවල් ආරක්ෂාකර දීමටත් එකඟතාවයකට පැමිණිම එම දූත මෙහෙවරේ අරමුණ විය. සිංහල රජු ද මීට එකඟ වූයේ ඒ වන විට විශාල ලෙස කප්පම් ඉල්ලමින් ස්වකීය බලය යොදා ගනිමින් වෙළඳාමෙහි නිරත වූ මුස්ලිම් ජාතිකයින් රටට දැඩි ගැටලුවක් වු හෙයිනි. සිංහල රජු සමඟ සාර්ථකව සබඳතා ගොඩනගා ගත් ලොරන්සෝ ද අල්මේදා සමඟ ගිවිසුමකට එළඹුණි.මෙම සිදුවීමේ ප්‍රීතිය සංකේතවත් කරනු පිණිස රජුගේ අනුමැතිය මත වරායේ ගලක පෘතුගාලයේ ලාංඡනය නිර්මාණය කරනු ලැබී ය.

බොහෝ විද්වතුන්ගේ මතයට අනුව පෘතුගීසීන් පැමිණ හමුවූයේ ලංකාවේ කෝට්ටේ කේන්ද්‍රස්ථානය කරගත් පාලකයා බැවින් පෘතුගීසීන් කොළඹ වරායට පැමිණි බව විශ්වාස කළ හැකි ය. ක්‍රි.ව.1507 සැප්තැම්බර් 25 දොන් එමානුවෙල් නම් පෘතුගීසී රජු විසින් පාප් වහන්සේට යවනු ලැබූ ලිපියක තමන්ගේ දූතයන් සිංහල රජු බැහැදැකීමට ගිය ගමනේ අත්දැකීම් උපුටා දක්වයි. ඒ අනුව ඇත් දත්, මුතු, මැණික් වලින් සැකසූ සිංහාසනය, පර්සියාවෙන් ගෙනා බුමුතුරුණු, මැණික් එබ්බවූ හිස් වැසුම, රන් හා රීදී පැහැයෙන් යුතු දෙපතුල තෙක් සැකසූ කබය, මැණික් එබ්බවූ මුදු ආදී වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ විස්තරයට අනුව පෘතුගීසීන් හමු වී ඇත්තේ ප්‍රාදේශීය පාලකයෙක් නොව රජු බව සිතුය හැක. පෘතුගීසීන් පැමි‍ණෙන කාලයේ අටවන වීර පරාක්‍රමභාහු විසින් රට පාලනය කරනු ලැබූ අතර පෘතුගීසි ලේඛන වල වර්ණනාකර ඇත්තේ ඔහු පිළිබඳව බව පෙනෙයි.

කොළඹ වරායේ සිට ව්‍යාජ ගමන් මගක් ඔස්සේ දිගුදුරක් ගෙවා කෝට්ටේ රාජධානිය පෙන්වා දීමට ස්වදේශිකයින් විසින් පෘතුගීසීන් කැඳවාගෙන යනු ලැබූ අතර එම සිදුවීම මුල් කරගෙන පරංගියා කෝට්ටේ ගියා වැනි යන පිරුළ ජනශ්‍රැති අතරට එක් විය.  ක්‍රි.ව.1505 නොවැම්බර් 15 වන දින කෝට්ටේ රජකළ අට වැනි වීර පරාක්‍රමභාහු රජුට ප්‍රජාවගෙන් ලැබුණු වාර්තාවට අනුව කොළොම්තොටට පැමිණි සුදු මිනිස්සු තිරුවාණා කමින් ලේ බොති. මස්කටයාට එක දෙහි ගෙඩියට රන්රීදී දෙක තුන දෙති යි පැවසූ බව සඳහන් කරයි. ලොරෙන්සෝ විසින් අට වැනි වීර පරාක්‍රමභාහු තමනු යටතට ත් පසු වාර්ෂිකව කුරුඳු කප්පමක් ලබාගැනීමට ගිවිසුමක් ඇති කරගන්නා ලදී. අවුරුද්දක් පාසා කුරුඳු බහාර් 400ක් පෘතුගීසීන්ට ලබා දීමටත් ඊට හිලව් ලෙස පෘතුගීසීන් විසින් සියලු නැව් තොටවල් මරක්කලයින්ගෙන් හෙවත් ආරාබි ජාතිකයින්ගෙන් ආරක්ෂා කීරිමටත් ගිවිසුමක් ඇතිකර ගන්නා ලදී. මෙම ගිවිසුම රන් පත් දෙකක පෘතුගීසි භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් සටහන් කරනු ලැබී ය.

ගිවිසුමට අත්සන් කීරිමෙන් පසු ලොරෙන්සෝ තමන්ගේ පැමිණීම තහවුරු කිරිම රජුගේ අවසරය මත කොළඹ වරායේ පිහිටි විශාල ගල් කුළක පෘතුගීසී ලාංඡනය නිර්මාණය කරනු ලැබූ බව කියැවේ. ක්‍රි.ව.1898 සැප්තැම්බර් මස 07 දින මෙම ලාංඡනය සහිත ගල් කුළ මෙම ප්‍රදේශයේ විශේෂ සංවර්ධන කටයුතු කිහිපයක් සිදුකිරීම නිසා කඩා ඉවත් කර රජමල් වත්ත නොහොත් ගොර්ඩන් ගාර්ඩ්න් උද්‍යානයේ තැම්පත් කරනු ලැබීණි.

ලොරෙන්සෝ ගේ පැමිණිමෙන් පසු විවිධ අවස්ථාවල පෘතුගාලයේ සිට නාවුක කණ්ඩායම් ලංකාවට පැමිණියහ.  පර්ඥා බෝලෝ පාස් ද කස්තන් බේදා විසින් මෙම වකවානුව පිළිබඳව සටහන් කරනු ලැබූ තොරතුරු රැගත් ග්‍රන්ථ 10කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත. එහි ලංකාවට පැමිණි විවිධ නාවුක කණ්ඩායම් පිළිබඳව විස්තර කරයි. ක්‍රි.ව.1507 දියෝගෝ ද කැස්ත්‍රෝ සහ පීරෝ බාර්බා නාවිකයන් දෙදෙනා කුරුඳු කප්පම් ලබා ගැනීමට ලංකාවට පැමිණියේ ය. මෙකල මරක්කල ජාතිකයින් සහ මුහුදු කොල්ලකරුවන් විසින් විවිධ බලපෑම් ලංකාවට එල්ල කීරිම නිසා ඔවුන් මර්දනය කිරිමට පෘතුගීසින්ගේ සහය ලබා ගැනීමට ලංකාවේ රජු උත්සහ ගත්තේ ය.

විශේෂයෙන්ම මයාදුන්නේ කුමරා මරක්කලයින්ගේ සහය ඇතිව කෝට්ටේ රජකම ලබා ගැනීමට උත්සහ ගැනීම නිසා කෝට්ටේ රජුට පෘගීසීන්ගේ සහය ලබා ඔවුන් මර්දනය කිරිමට සිදු විම හේතුවෙන් දැඩි දේශපාලන වියවුලක් ඇතිවීමට හේතු විය. කිහිප අවස්ථාවකම දුෂ්කර සටන් කොට මායාදුන්නේ ඇතුලු මරක්කල පිරිස පරාජයට පත් කර කෝට්ටේ රජුගේ සිහසුන රැකදීමට පෘතුගීසිහු උදව් කළහ. යුධ කටයුතු සඳහා සහයට පැමිණි දොම් ජාවො ද සිල්වේරා නැමති පෘතුගීසි ජාතිකයා නැව් හමුදාවත් සමඟ මාලදිවයිනේ සිට ගාලු වරායටත් පැමිණි බව කස්තන් බේදා සඳහන් කරයි.

අල්පෝන්සෝ ද අල්බකර්ක් ආණ්ඩුකාරවරයාට දොන් මැනුවල්  රජුගේ අණින් කොළඹ කොටුවක් තනන ලෙසට දැනුම් දෙන ලදී. ක්‍රි.ව. 1517 සැප්තැම්බර් 18 ලොපෝසෝරස්  නැව් සමුහයක් රැගෙන පැමිණෙන තෙක් එම කාර්ය සිදු නොවුණ බව රිබෙයිරෝ පවසයි. ගාල්ලට පැමිණි හෙතම කොළඹ ප්‍රදේශයේ කාලගුණය යහපත් වන තෙක් ගාල්ලේ මසක කාලයක් ගත කරන ලදී. පසුව කොළඹට පැමිණ රජුගේ අවසරය මත බලකොටුවක් තැනීම අරඹන ලදී. ඒ වන විටත් මරක්කලයින් විසින් දුනුවායන්ගෙන් සහ කාලතුවක්කුවලින් ආරක්ෂාවීම පිණිස සකස් කර තිබූ දැව බලකොටුවල යුධකර ඔවුන් පන්නා දමා නැවත බලකොටුව ඉදිකරනු ලැබී ය.

කස්තන් බේදාගේ විස්තරයට අනුව ඩෙනිස් පර්නැන්ඩස් ද මේලෝ ගේ ප්‍රධානත්වයෙන්  කොළඹ කොටුව සකස් කිරීම සඳහා පෘතුගීසි කණ්ඩායමක් පැමිණියහ. ක්‍රිස්තෝන් ද සෞසා, ගැස්පාර් ද සිල්වා, අන්තෝනියෝ ද මිරන්දා, සිමියෝ මනුවල් ද ලැසන්ඩා, ලොප්‍රෝ ද බ්‍රිටෝ, දොම් ප්‍රනාන්දු එම කණ්ඩායමටඅයත් වූ අතර ඔවුහු පළමුව ගාල්ලට පැමිණියහ. කොළඹ පිහිටි කාසි නිෂ්පාදනය කිරිමේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කිරිම සඳහා බලකොටුවක් තැනිමට කෝට්ටේ රජුගේ අවසරය ඉල්ලන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම යෝජනාවට මරක්කලයින් විරෝධය පළ කිරිම නිසා මරක්කලයින් සමඟ යුධ වැදි සෞසා විසින් බලහත්කාරයෙන් කොටුවක් තැනීම අරඹන ලදී. මෙම ගැටුම නිසා පසුතැවිමට රජු බලකොටුව තැනීමට ශ්‍රමය හා ධනය ලබා දීමට එකඟ විය. නැවත සාමදාන වීමට නම් ඇතුන් 10ක්, කුරුඳු බහාර් 400ක් හා මැණික් ගල් එබ්බවූ මුදු 20ක් බැගින් කප්පම් ගෙවිය යුතු බව පෘතුගිසිහු බල කරනු ලැබී ය. පසුව බලකොටුව ඉදිකර දොම් ලොරෙන්සෝ සිලුවේරාට කොටුවේ බලය ආණ්ඩුකාර ලෝ පෝ සුවාරිස් විසින් පවරනු ලැබී ය.

ක්‍රි.ව.1540 වන විට බුවනෙකබාහු රජු කෝට්ටේ ද, රයිගම් බණ්ඩාර රජු රයිගම ද, මායාදුන්නේ සීතාවක ද පාලනය කළහ. අනෙක් ප්‍රදේශ ද තමන් යටතට ගැනීම සඳහා මායාදුන්නේ රජු විසින් කෝමරීන් වලින් මරක්කලයින්ගේ සහය ගනු ලැබී ය. ඔහුට සහය ලෙස පයිචි මරික්කාර, කුණ්ඩලී මරික්කාර, අලී ඒබ්‍රහම් නම් ප්‍රසිද්ධ මරක්කල යුධ සේනා 03ක් ලංකාවට එවනු ලැබී ය. එහි දී පෘතුගිසි සෙනෙවි මිගෙල් පෙරේරා මායාදුන්නේ හා මරක්කලුන්ට එරෙහිව බුවනෙකබාහු හා රයිගම් බණ්ඩාර සමඟ එක්ව සටන් කර ජය ගනු ලැබි ය. පසුව රයිගම් බණ්ඩාර රජු හදිසියේ මිය ගිය නිසා හා බුවනෙකබාහු රජු ද වියපත්ව සිටින නිසා ක්‍රි.ව.1540 දී බුවනෙකබාහුගේ මුණුපුරු ධර්මපාල කුමරු පෘතුගාලයේ රජු විසින් ලංකාවේ රජු ලෙස ඔටුනු පළන්ඳවනු ලැබී ය. ක්‍රි.ව.1557 දී ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතීස්ම වී කඅතු දහම වැළඳ ගත් අතර 1580 දී අන්තිම කැමති පත්‍රය මඟින් තමාගේ ඇවෑමෙන් ලංකාවේ පාලනය පෘතුගිසීන්ට පවරනු ලැබී ය.

පෘතුගිසීන් ඉදිකළ ගාල්ල කොටුව

පෘතුගිසීන් විසින් ලංකාව වටා වෙරළ තීරය පාලනය කරන සමයේ එම පාලන ප්‍රදේශයේ විවිධ ස්ථානවල ආරක්ෂක බලකොටු ඉදි කළහ. කොළඹ කොටුව ක්‍රි.ව.1520 දී ද, මන්නාරම කොටුව ක්‍රි.ව.1522 දී ද, මඩකළපුව කොටුව ක්‍රි.ව.1528 දීද, ගාල්ල කොටුව ක්‍රි.ව.1589 දීද, යාපනය කොටුව ක්‍රි.ව.1618 දීද, ත්‍රිකුණාමල කොටුව ක්‍රි.ව.1624 දීද ඉදි කෙරුණු බව කියැවේ.

වැඩි දුර කියවන්න

ගාල්ල කොටුවේ පෘතුගිසි නගර සැලසුම සහ එහි වාස්තු විද්‍යාත්මක සුවශේෂිතාවන්

ගාල්ල කොටුව යුධ හා ආරක්ෂක කටයුතු සඳහා සකස්කල ඉදිකිරිමක් වුව ද ස්වකීය නේවාසික අවශ්‍යතා වලට සරිලන නගරයක් නිර්මාණය කිරිමට ඔවුහු කටයුතු කළහ.

වැඩි දුර කියවන්න

පෘතුගිසි නගර සැලසුම හා යුධ ඉදිකිරිම්

පෘතුගිසින් විසින් ඉදිකළ ගාලු බලකොටු නගරය තුළ වාස්තු විද්‍යාත්මක ඉදිකිරිම් කිහිපයක් හඳුනා ගතහැක.

වැඩි දුර කියවන්න

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...